Home දේශීය පුවත් රාජ්‍ය ඇමති අරුන්දිකගේ මෝටර් රථය අනතුරකට ලක් වෙයි

රාජ්‍ය ඇමති අරුන්දිකගේ මෝටර් රථය අනතුරකට ලක් වෙයි

0
රාජ්‍ය ඇමති අරුන්දිකගේ මෝටර් රථය අනතුරකට ලක් වෙයි

අද (20) උදෑසන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් ගත් මෝටර් රථය අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

 

ආණමඩුව – බංගදෙණිය මාර්ගයේ සේරුකැලේ ප්‍රදේශයේදී එම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

මෝටර් රථය රියදුරුට පාලනය කර ගත නොහැකිව පෙරළීයාමෙන් එම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මෝටර් රථය තුළ සිටිය ද ඔහුට කිසිදු අනතුරක් සිදුවී නොමැති බව සඳහන් වේ.

අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ප්‍රතිකාර සදහා හලාවත මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version