රන්ජන් වහාම පාර්ලිමේන්තුවට ගෙන්විය යුතුයි : විපක්ෂ නායක

අද(22) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලු බව වාර්තා වෙයි.

 

විපක්ෂනායකවරයා වැඩ්දුරටත් පැවසුවේ සිරගෙදර තුළ රාමනායක මන්ත්‍රීවරයාගේ ජීවිතය බරපතල අවදානමකට ලක්ව ඇති බවත් ආණ්ඩුව මේ පිළිබඳව වහාම සිය අවදානය යොමු කළ යුතු බවයි.

පසුව පවත්නා නීතිමය තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළ සජිත් ප්‍රේමදාස මහතා, කතානායකවරයා විසින් වහාම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන්විය යුතු බව සඳහන් කරනු ලැබිය.

Exit mobile version