පකිස්ථාන අගමැති සහ ජනපති අද හමුවෙයි

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ.

 

ඉන් පසුව පෙරවරු 10.30 ට පමණ ජනපතිවරයා සහ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.

එම සාකච්ඡාවෙන් අනතුරුව පකිස්ථාන ආග්‍රාමාත්‍යවරයා කොළඹදී පැවැත්වෙන වෙළෙඳ හා අයෝජන සමුළුව ඇමතීමට නියමිතය.

දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී අනතුරුව පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.

මේ අතර පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඊයේ පස්වරු 4.00 ට පමණ දිවයිනට ළඟා විය.

ඒ, දෙදින නිල සංචාරයක් සඳහායි.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

එහිදී පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙත හමුදා උත්තමාචාර පිරිනැමීමක් ද, සිදු කෙරිණි.

Exit mobile version