Home දේශීය පුවත් රන්ජන් ආරක්ෂිත තනි කුටියක රැඳවීමට පියවර : වැලිකඩ බන්ධනාගාරය හොරණට

රන්ජන් ආරක්ෂිත තනි කුටියක රැඳවීමට පියවර : වැලිකඩ බන්ධනාගාරය හොරණට

0
රන්ජන් ආරක්ෂිත තනි කුටියක රැඳවීමට පියවර : වැලිකඩ බන්ධනාගාරය හොරණට

වැලිකඩ බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

 

ඒ් අනුව වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන ඒමට සැලසුම් කරඇති බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සදහන් කළේය.

ගාල්ල, බූස්ස බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ බන්ධනාගාර තුළ පවතින තදබදය ද අඩු කර ගැනීමටත් මෙමගින් හැකියාව ලැබෙන බවයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රන්ජන් රාමනායක මහතාගේ ආරක්ෂාවට තර්නයක් ඇති බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහුව ආරක්ෂිත තනි කුටියක රැඳවීමට පියවර ගත් බවද එහිදී ලොහාන් රත්වත්ත මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ “ලංකාවේ සිටින භයානක කියලා කියන සිරකරුවන් සියලු දෙනාම මේ බන්ධනාගාරයට ගේන්නයි බලාපොරොත්තුව.  දැනට මෙහි අධි ආරක්ෂිත කුටි 32ක් තියෙනවා. තවත් කුටි 32ක් මාස දෙකකින් අපිට නිමකර ගන්න පුළුවන් වෙයි. බන්ධනාගාර අමාත්‍යාංශය භාර ගන්නකොට බන්ධනාගාරවල 30,000ක් විතර රැඳවියන් හිටියා. අද අපි ඒක 19,000කට පමණ අඩු කරලා තියෙනවා. අපි විශේෂයෙන්ම බලාපොරොත්තුවෙන්නේ වැලිකඩ බන්ධනාගාරය හොරණට ගෙන ගිහින් අධි ආරක්ෂිත නවීනතම බන්ධනාගාරයක් හදලා බන්ධනාගාර තදබදය අඩු කරන්නයි.” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version