Home දේශීය පුවත් ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

0
ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 352ක් හඳුනා ගනු ලැබිය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 83,242ක් දක්වා ඉහළ ගොස් ඇත.

හඳුනා ගත් ආසාදිතයින් අතරින් දෙදෙනකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් හඳුනාගෙන ඇති අතර සෙසු ආසාදිතයින් පිරිස හඳුනා ගෙන ඇත්තේ, දේශීයවයි.

මේ අතර ඊයේ දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 112කි.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිස තලංගම ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව 56කි.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 57ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50ක් ලෙස වාර්තා වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍ර දේශයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් පිරිස 38කි.

ඉතිරි ආසාදිතයින් සියලු දෙනා වාර්තා වී ඇත්තේ අනෙකුත් දිස්ත්‍රික්කවලිනි.

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 7ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව ද 471ක් දක්වා ඉහළ ගියේ ය.

එම මරණ වාර්තා වී තිබුණේ, කුරුණෑගල, අනුරාධපුර, පන්නිපිටිය, රුක්ගහවිල, දෙමළගම, කොළඹ 05 සහ ගම්පහ යන ප්‍රදේශවලිනි.

ආසාදිතයින් 3824 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා සිටින සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 78947 දෙනෙකි.

නිරෝධායන මධ්‍යස්ථාන 93ක් තුළ පුද්ගලයින් 9, 762 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින් අතර ඊයේ (28) දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 10,421කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version