ත්‍රිකුණාමලය දිගින් දිගටම සිදුවෙන වන විනාශය වෙනුවෙන් ගත් පියවරක්

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මැදිහත්වීමෙන් රජයේ වනාන්තරවල විශේෂ දැන්වීම් පුවරු සවි කිරීමේ වැඩසටහන යටතේ සවිකළ පළමු දැන්වීම් පුවරුව විවෘත කිරීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවූවාය. 

ඒ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දිගින් දිගටම සිදුවන වන විනාශය නතර කිරීම සඳහා වන අතර කුච්චවේලි ප්‍රදේශයේදී මෙම පුවරු විවෘත කරනු ලැබිය.

මෙම වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයේ පුරා ඇති රජයේ රක්ෂිත වල මෙම දැන්වීම් පුවරු සවි කිරීමට නියමිතය. පළමු දැන්වීම් පුවරුව විවෘත කිරීමේ අවස්ථාවට සෙම්බිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය කැප්පිටියාවේ අරණවිහාරී හිමි, දැයට හිතැති ගොවිතැන ව්‍යපෘතියේ අනුශාසක ආචාර්ය කීර්ති වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Exit mobile version