නව නිෂ්පාදන සඳහා ණය පහසුකම් දීමට අනුමැතිය

නව නිෂ්පාදන හෝ වෙළඳපොල සංවර්ධනය කර ගනිමින් ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා යොමු වන කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දැනට පවතින ව්‍යාපාර සඳහා ද ස්වශක්ති ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබා දීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඔවුන්ට රුපියල් මිලියන 2ක් නොයික්මවන ණය මුදලක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙයි.

Exit mobile version