60 ට වැඩි පුද්ගලයින්ට අද සිට කොවිෂිල්ඩ් එන්නත

වයස අවුරදු 60 ට වැඩි පුද්ගලයින්ට කොවිෂිල්ඩ් එන්නත අද සිට ලබා දෙන බව විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සදහන් කළාය.

කොවැක්ස් පහසුකම යටතේ මෙරටට නොමිලේ එන්නත් මාත්‍රා දෙලක්ෂ හැට හතරදහසක් ප්‍රදානය කෙරුණු අතර ඊයේ දිනයේ එම එන්නත් තොගය මෙරටට ගෙන එනු ලැබිය.

Exit mobile version