Home දේශීය පුවත් මෙරට බෝට්ටු 3ක තිබූ හෙරොයින් තොගයක් ඉන්දීය අත්අඩංගුවට (ඡායාරූප)

මෙරට බෝට්ටු 3ක තිබූ හෙරොයින් තොගයක් ඉන්දීය අත්අඩංගුවට (ඡායාරූප)

0
මෙරට බෝට්ටු 3ක තිබූ හෙරොයින් තොගයක් ඉන්දීය අත්අඩංගුවට (ඡායාරූප)

හෙරොයින් 200Kg ක් ,හෂීස් 60kg ක් සමග ශ්‍රී ලංකික බෝට්ටු 3ක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

ඉන්දීය වෙරළාරක්ෂක බලකා භාරයට ගත්, එම බෝට්ටු දකුණු ඉන්දීය තිරුවානාතපුරම් ප්‍රදේශයට රැගෙන විත් ඇති බව ද හින්දු වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් වර්ෂා නමැති නෞකාව මගින් මෙම බෝට්ටු සිය භාරයට ගෙන ඇති අතර, එම බෝට්ටු වල සිටි කාර්යමණ්ඩල සාමාජිකයින් ගණන 19 කි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ආකර්ෂා දුව, චතුරාණී 3 , සහ චතුරාණි 8 යන ශ්‍රී ලාංකික බෝට්ටු තුනකි

ආකර්ෂා දුව නැමැති බෝට්ටුවේ සිටි පුද්ගලයින් පවසා ඇත්තේ, ලක්ෂාදීප් දිවයිනට නාවික සැතපුම් 400 ක් දුරින් වු මුහුදේදී පාකිස්ථාන බෝට්ටුවකින් තමන්ට හෙරොයින්, හෂීෂ් ඇතුළු මෙම මත්ද්‍රව්‍ය තොගය ලැබුණු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version