Home දේශීය පුවත් උතුරු පළාතේ විදුලි සැපයුම ඇනහිටි

උතුරු පළාතේ විදුලි සැපයුම ඇනහිටි

0
උතුරු පළාතේ විදුලි සැපයුම ඇනහිටි

අනුරාධපුර නව ග්‍රීඩ් උපපොළේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් උතුරු පළාතේ විදුලි සැපයුම ඊයේ දිනයේ රාත්‍රී 7.00 සිට ඇනහිට තිබෙන බව වාර්තා වෙයි.

ඊට අමතරව, වාලච්චේන, හබරණ, පොළොන්නරු සහ වව්නියාව ග්‍රිඩ් උපපොළවල්වලින් විදුලිය බෙදා හරින ප්‍රදේශ වල ද විදුලිය ඇනහිට ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

මේ හේතුවෙන්, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ද ඊයේ රාත්‍රියේ විදුලිය ඇනහිට ඇති බව ඒ මහතා වැඩ්දුරටත් සදහන් කළේය.

මේ වන විට එය යථා තත්ත්වයට පත් කර තිබෙන බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version