Home දේශීය පුවත් නීතිවිරෝධී ඛනිජ සම්පත් කැණීම් පිළිබඳ විමර්ශනයට විශේෂ විමර්ශන නිලධාරියෙකු පත් කෙරේ

නීතිවිරෝධී ඛනිජ සම්පත් කැණීම් පිළිබඳ විමර්ශනයට විශේෂ විමර්ශන නිලධාරියෙකු පත් කෙරේ

0
නීතිවිරෝධී ඛනිජ සම්පත් කැණීම් පිළිබඳ විමර්ශනයට විශේෂ විමර්ශන නිලධාරියෙකු පත් කෙරේ

නීතිවිරෝධී ඛනිජ සම්පත් කැණීම් පිළිබඳ විමර්ශනය සඳහා විශේෂ විමර්ශන නිලධාරි තනතුරට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි විශ්‍රාමික හමුදා නිලධාරියෙක් පත් කෙරේ.

නීති විරෝධී අන්දමින් සිදු කරන වැලි, පස් හා කළුගල් කැණීම් සම්බන්ධව දිනෙන් දින ලැබෙන වාර්තා ඉහළ යාම සැළකිල්ලට ගනිමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි භූ විද්‍යා සමීක්ෂන හා පතල් කාර්යාංශය විසින් නව විමර්ශන නිලධාරියෙක් පත් කර තිබේ.

ශ්‍රී ලංකා යුධ හමුදා ස්වේච්ඡා බල සේනාව හා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවය කර දැනට විශ්‍රාම ගොස් සිටින මේජර් එස්. සී. එස්. දහනායක (විශ්‍රාමික) මහතා මෙම විශේෂ විමර්ශන නිලධාරියා වශයෙන් පත් කරනු ලැබ ඇත.

මෙම නිලධාරියා පසුගිය සතියේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ දී හමු වී අමාත්‍යවරයා සමග සාකච්ඡා කළේය. එහිදී අමාත්‍යවරයා නීතිවිරෝධීව සිදු කරන වැලි, පස්, කළුගල් ජාවාරම් සම්බන්ධව තොරතුරු කඩිනමින් ලබා ගන්නා ලෙසත්, එසේ ලබා ගන්නා තොරතුරු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ යොදවා ගනිමින් වැටලීම් සිදු කර එවැනි ජාවාරම් මැඩලීම සඳහා කටයුතු කරන ලෙසත් උපදෙස් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version