ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 304ක් හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් පුද්ගලයින් 12ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් වාර්තා වී ඇත.

සෙසු ආසාදිතයින් පිරිස හඳුනා ගෙන ඇත්තේ, දේශීයවයි.

ඊයෙත් වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූය‍ෙ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම ගණන 75කි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43 ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86,989 ක් වන අතර පූර්ණ සුවය ලබා ඇති අසාදිතයින් සංඛ්‍යාව 83561 කි.

අසාදිතයින් 2908 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව ද 520 ක් දක්වා ඉහළ ගියේ ය.

එම මරණ වාර්තා වී තිබුණේ, නාවලපිටිය, අඟුලාන, මත්තෙගොඩ, බිබල සහ දෙහිවල යන ප්‍රදේශවලිනි.

ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 104 ක් තුළ පුද්ගලයින් 10,743 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (09) දිනය තුළ මෙරටදී සිදු කර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 6,054 කි.

Exit mobile version