බස්නාහිර පළාතේ පාසල්වල ශ්‍රේණි තුනක් අද අරඹයි

මෙරට කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගෙන වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල්වල 05,11,13 ශ්‍රේණි අද ආරම්භ කර තිබේ.

මේ අතර අනෙකුත් පළාත්වල සියලු ශ්‍රේණී සදහා අද පාසල් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ පාසල්වල අනෙකුත් ශ්‍රේණි ලබන මස 19 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.

Exit mobile version