කොවිඩ් මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනයට පියවර

මෙරට එන්නත්කරණයට භාවිත කරනු ලබන කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටුවුව ද, මෙරට එන්නත්කරණය අත්හිටුවීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසූවේ වසංගත රෝග විද්‍යා අංශයේ කණ්ඩායමක් විසින් කොරෝනා මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බවයි.

Exit mobile version