මත්ද්‍රව්‍ය තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී රාජගිරිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 02කට අධික තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි  ග්‍රෑම් 245යි මිලිග්‍රෑම් 560ක් තිබී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබුණි.

අදාල පුද්ගලයාගේ වයස අවුරුදු 40ක් වන අතර රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Exit mobile version