උත්සවය සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ පනවන බව යුද හමුදාපති කියයි

එළඹෙන උත්සවය සමයේ ජනතාව නිරන්තරු ගමන් බිමන් යෑම හේතුවෙන් අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ ඉකුත් නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළයෑම පෙන්නුම් කල බවයි.

ඒ තුලින් ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිනොපදින බවට තහවුරු වූ බවද ඒ යුද හමුදාපතිවරයා පැවසීය.

හමුදාපතිවරයා වැඩ්දුරටත් පැවසුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින ජනතාවට දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවයි.

Exit mobile version