වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට එරෙහි පෙත්සම මාර්තු 26 යළි කැදවයි

තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,000ක් බවට ප්‍රකාශයට පත්කරමින් රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කිරීමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

වතු සමාගම් 20ක් විසින් එම පෙත්සම ගොනුකර තිබේ.
 
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (22) කැඳවනු ලැබීය.

එහි වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, තේ කර්මාන්තය පිළිබඳ ව පඩිපාලක සභාවේ සභාපතිවරයා ඇතුළු 18 දෙනෙකු නම්කර තිබේ.

Exit mobile version