කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (24) දිනයේ පෙරවරු 8.00 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දී තිබේ.

ඒ අනුව වාද්දුව/ වස්කඩුව/ පොතුපිටිය/ මොල්ලිගොඩ/ මොරොන්තුඩුව/ කළුතර උතුර/ කළුතර දකුණ යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේ අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කිරිමේ කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම පැය 18ක කාලයක් අත්හිටවනු ලබන බවයි.

මේ අතර අද (23) දිනයේ උදෑසන 9 සිට සපුගස්කන්ද විදුලි උප-පොළෙහි හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් ගම්පහ ප්‍රදේශයේ පැය 6ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සදහන් කළේය.

ඒ අනුව පහත ප්‍රදේශ සඳහා ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට නියමිතය.

පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක/සිදුව නගර සභා බල ප්‍රදේශ

කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ

ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසක්.

Exit mobile version