කොළඹ අද විශේෂ රථවාහන සැලැස්මක්

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ රිය පෙරහර හේතුවෙන් අද (25) පස්වරුවේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.

දේහය රැගත් රිය පෙරහැර අද පස්වරු 1ට ගල්කිස්ස ධර්මපාලාරාමයෙන් ආරම්භ කෙරෙන අතර රථ පෙරහැර ගාලු පාර ඔස්සේ බම්බලපිටිය වජිර පාර තෙක් පැමිණ එතැනින් වජිර පාර ඔස්සේ හැව්ලොක් මාර්ගයට පිවිසීමට නියමිතයි.

එතැනින් තුම්මුල්ල හන්දියෙන් තර්ස්ටන් පාර ඔස්සේ ඉදිරියට පැමිණෙන රිය පෙරහැර ජාතික කෞතුකාගාරය ඉදිරිපිටින් ගමන් කර නන්දා මෝටර්ස් වටරවුමෙන් දකුණට හැරී නිදහස් මාවතට පිවිස නිදහස් චතුරස්‍රය වෙත ළගා වීමට නියමිතව තිබේ.

රිය පෙරහර ගමන් කරන ගල්කිස්ස, ගාලුපාර, බම්බලපිටිය, තුම්මුල්ල හන්දිය හරහා නිදහස් චතුරස්‍රය දක්වා මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට පස්වරු 1 සිට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය  දැනුම් දී තිබේ.

Exit mobile version