Home දේශීය පුවත් ඊයේ වාර්තා වූ කොවිඩ් රෝගීන්

ඊයේ වාර්තා වූ කොවිඩ් රෝගීන්

0
ඊයේ වාර්තා වූ කොවිඩ් රෝගීන්

අද (25) උදෑසන වනවිට මෙරටින් කොරෝනා රෝගීන් 253ක් හඳුනා ගෙන තිබේ

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 91018 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරින් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතයින් 238 දෙනා දේශීයව හඳුනා ගත් ආසාදිතයින් ය.

වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 53 ක් ලෙසයි.

ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42 ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38 ක් ලෙස වාර්තා වේ.

ඉතිරි ආසාදිතයින් පිරිස දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

මෙරට සමස්ත ආසාදිතයින් අතරින් 87,629 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇති අතර ආසාදිතයින් 2,834 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොවිඩ්-19 වෛරස ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු මිය යාමත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව ද 554 ක් දක්වා ඉහළ ගියේ ය.

එලෙස මිය ගොස් ඇත්තේ, ඔවුන් කොළඹ 15 සහ කොළොන්නාව යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් දෙදෙනකි.

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 91 ක් තුළ පුද්ගලයින් 8,740 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ PCR පරීක්‍ෂණ 7,350 ක් සිදුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version