කොවිඩ් -19 තාක්ෂණික කමිටුවේ නිර්දේශයන්ට අනුව නියමිත පරිදි PCR පරීක්ෂණ සිදුවනවාද යන්න සම්බන්ධයෙන් නිරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඒ කොරෝනා රෝගීන් හඳුනාගැනීමට දෛනිකව සිදුකරනු ලබන PCR පරීක්ෂණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබීම හේතුවෙන් බව එම සංගමය වැඩිදුරටත් සදහන් කරයි.