Home දේශීය පුවත් ඊයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ යාපනයෙන්

ඊයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ යාපනයෙන්

0
ඊයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ යාපනයෙන්

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් රෝගීන් 249ක් වාර්තා වූ අතර ඉන් ආසාදිතයින් 12ක් විදෙස්ගතව සිට පැමිණි ලාංකිකයින් අතරින් හඳුනා ගෙන ඇත.

ඉතිරි පුද්ගලයින් 237 දෙනා වාර්තා වී ඇත්තේ, දේශීයවයි.

මේ අතර ඊයේ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.

ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 63කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 33 දෙනෙකු වාර්තා වී ඇත.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් 92088 ක් වන අතර සම්පූර්ණ සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 88,623 කි.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2904කි.

පසුගිය පැය 24 තුළ කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති අතර ඒ අනුව කොරෝනා මරණ සංඛ්‍යාව 561ක් දක්වා ඉහළ ගියේ ය.

එම මරණ වාර්තා වී ඇත්තේ, මාවනැල්ල හා කොළඹ 15 ප්‍රදේශවලිනි.

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 96ක් තුළ පුද්ගලයින් 9, 142 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 4,160කි.

මේ අතර කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේ පුද්ගලයින් 9889 දෙනෙකුට පළමු එන්නත් මාත්‍රාව ලබා දී ඇති අතර මේ වනවිට එන්නත් ලබා දී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 894, 053කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version