පෘතුගාලය තවදුරටත් සංචාරකයන් සඳහා දේශ සීමා වසා දමයි

පෘතුගාලය සංචාරකයන් සඳහා දේශ සිමාව වසා දැමීම අප්‍රේල් 15 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති  බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

ඒ පෘතුගාලයේ කොරෝනා රෝගීන් ඉහළ යාම හේතුවෙන්.

ඒ අනුව එරට භාණ්ඩ ,දේශසීමා සේවකයින් සහ හදිසි සේවා ගමන් කිරීම සඳහා දේශ සීමා විවෘතව ඇති අතර පෘතුගාලය මාස දෙකකට පෙර දියත් කළ සාමාන්‍ය අගුලු දැමීම ක්‍රමයෙන් ලිහිල් කර ඇත.

Exit mobile version