වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරිමට එරෙහි පෙත්සම් විභාගයට

තේ සහ රබර් වතු කම්කරුවන්ට ගෙවිය යුතු දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට නියම කරමින්  නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත  කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20 ක් විසින් ගොනු කල රිට් පෙත්සම  විභාගයට ගැනීමට අද (05)තීරණය කල අභියාචනාධිකරණය එහි වග උත්තරකරුවන් ට නොතීසි නිකුත් කළේය. 

ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා  මැයි මස පස්වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස වගඋත්තරකරුවන් ට නියම කෙරිණ. 

පෙත්සම සම්බන්ධ විරෝධතා අප්‍රේල් මස 21 වැනිදා සහ ප්‍රති විරෝධතා මැයි මස 04 ගොනු  කරනලෙස නියම විය. 

අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන්  විසින් මෙම නියෝගය කරන ලදී. 

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම නිසා වතු කර්මාන්තය අර්බුදයකට ලක් වන බව පවසමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

Exit mobile version