Home දේශීය පුවත් කොවිඩ් එන්නත්කරණයේ දෙවන මාත්‍රාව ලබා දීම අරඹන දිනය

කොවිඩ් එන්නත්කරණයේ දෙවන මාත්‍රාව ලබා දීම අරඹන දිනය

0
කොවිඩ් එන්නත්කරණයේ දෙවන මාත්‍රාව ලබා දීම අරඹන දිනය

මෙරට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාවට අදාළ එන්නත් 300,000ක පමණ තොගයක් අප්‍රේල් 19 වැනිදා සිට ලබාදීම ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද(05) පැවති පාර්ලිමේන්තු රැස්වීමේදීය.

එම එන්නත් ප්‍රමාණය අප්‍රෙල් 19 සිට ජුනි 30 දක්වා ලබාදීමට කටයුතු කරන බවත් ඒ අතරතුර දෙවන මාත්‍රාවට අදාළ ඉතිරි එන්නත් තොගය ලබාදීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version