ජනපති අතින් ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ නව දෙමහල් පිරිවෙන් ගොඩනැගිල්ල විවෘත කෙරේ

මැදිරිගිරිය, දිවුලන්කඩවල, ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ නව දෙමහල් පිරිවෙන් ගොඩනැගිල්ල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (02) පස්වරුවේ විවෘත කෙරිණි.

විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත්තේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිරිවෙන් 15 ම පුස්තකාල සදහා අවශ්‍ය පොත් කට්ටල ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතියේ පිරිවෙන් සංවර්ධන වැඩසටහන යටතේ මෙම පිරිවෙන් ගොඩනැගිල්ල ඉදිකර තිඛෙන අතර ඇස්තමේන්තුගත මුදල රුපියල් ලක්ෂ 120ක් වුවද ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදුකළ මෙම ඉදිකිරීම් සදහා වැයවී ඇති මුදල රුපියල් ලක්ෂ 69 කි.

Exit mobile version