උත්සව සමයේ ඔබ කොවිඩ් ආසාදිතයෙක් විය හැකි අයුරු සෞඛ්‍ය අංශයෙන් පැහැදිලි කිරිමක්

උත්සව සමයේදී සඳහා භාණ්ඩ මිලදී ගැනීමට යනවිට සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙස අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය හසිත අත්තනායක මහතා සදහන් කළේය.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ නිසි ආකාරයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිම සිදු නොකළහොත් අවුරුදු පොකුරක් නිර්මාණය වීමට ඉඩකඩ බෙහෙවින් පවතින බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ “අවුරුදු පොකුරක් ඇති වුණොත් මේ අවුරුද්දෙත් අපේ කාර්යමණ්ඩලයට අවුරුදු සමරන්න හැකියාවක් නැහැ. ඒ නිසා ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපි මාස 15ක පමණ කැපවීම මේ ආකාරයෙන් දියවී හරින්නට එපා. ඔබ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න. තමන්ගේ ආදරණීය යන් ආරක්ෂා කර ගන්න අලුත් ඇඳුම් නැතුවත් අපිට අවුරද්ද සමරන්න පුළුවන්. ඇඳුම් ආයිත්තම් ලබාගැනීමට ඇති මේ තරඟය සහ මේ පොරකෑම තුළ මම හිතන්නේ ඇඳුමත් එක්ක කොවිඩ් රෝගයත් ඔබට ගන්නට පුළුවන්, බෝවන්නට පුළුවන්. ඇඳුම් ලබාගැනීම කියන කරුණට විතරක් ලඝුවෙන්නේ නැහැ ඔය කරන සාප්පු සවාරිය සමහරවෙලාවට ඔබ ආසාදිතයෙක් බවටත් පත්වන්නට පුළුවන්. “

Exit mobile version