දිවයින පුරා සුරාසැල් වැසෙන දින පිළිබද නිවේදනයක්

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සුරාසැල් වසා දැමීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබේ.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු ර.බී. 07 බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර හා විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන හැර දිවයින පුරා පිහිටි අනෙකුත් සියලුම සුරාසැල් එම දින දෙක තුළ වසා තැබෙන බවයි.

මේ අතර අප්‍රේල් 26 වන දිනට යෙදී ඇති බක් පුර පසළොස්වක පෝය දිනයේ දී ද දිවයිනේ සියලු සුරාසැල් වසා දැමීමට නියෝග කර තිබේ.

Exit mobile version