පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් : සභාවේ කටයුතු විනාඩි 05කට තාවකාලිකව නවතී

ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් විවාදයක් හේතුවෙන් පාර්ලිමේන්තු සභාවේ කටයුතු විනාඩි 05කට තාවකාලිකව නවතා දැමීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගත්තේ ය.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වු සංවාදයන් ලෙස බලා සිටිය දී තමාට ද එවැනි අත්දැකීමක් ඇති බව පවසමින් සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයක් සමගය.

එයට පිළිතුරු දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ සරත් ෆොන්සේකා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය.

සරත් ෆොන්සේකා මහතා – “මට කැලෑ උසාවියකින් යුද හමුදාවේ දඬුවමක් දුන්නා. මාස 8ක් හිරකරගෙන හිටියා. රිමාන්ඩ් භාරයේ. ඒ දඬුවම දුන්නාම අපි උසාවි 3කට ඇපීල් කරා. ඇපීල් 3ම තියෙද්දීත් මට දඬුවම දුන්න දවසේ ඉදලා මෙතෙන වාඩිවෙලා ඉන්න කථානායකවරයා මට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නෑ. “

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා – “තමුන්නාසේට පාර්ලිමේන්තු එන්න අවසර දුන්නේ මමයි. තමුන්නාසේගේ තීන්දුව පොත්වල තියෙන තීන්දුව සලකා බලලා තමයි කටයුතු කළේ. තමුන්නාසේට දුන්නේ නැද්ද මේකට එන්න. පාර්ලිමේන්තු එන්න අවසර දුන්නේ නැද්ද? යනුවෙන් උණුසුම් වචන හුවමාරුවක් සිදු විය

Exit mobile version