බස්නාහිර පළාතේ සිදු කල විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 900කට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ සිදු කල විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 900කට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (11) උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ සිදු කල විශේෂ මෙහෙයුමකින් මෙම පිරිස අත් අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම සිදු කර තිබේ.

Exit mobile version