ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 3 පනියි

ඉන්දියාව තුල මේ වන විට කොරෝනා ආසාදිතයින් දිනකට ලක්ෂ 03කට අධික ගණනක් අලුතින් හදුනා ගන්නා බව එරට බලධාරීන් සදහන් කරනවා. ඒ අනුව ඊයේ දිනය තුල පමණක් එරටින් නව ආසාදිතයින් 315,802ක් වාර්තා වී ඇති බව සදහන්. වාර්තා වී ඇති මරණ ගණන 2,102ක්

ඒ අනුව මේ දක්වා කාලය තුළ එරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 15,924,806ක් වන අතර සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 184,672ක්

Exit mobile version