වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද සිට

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (05) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද සිට මාර්තු 08 දින දක්වා බලාපොරොත්තු විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල තැනින් තැන සවස 2.00න් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදී සිහින් වැසි තත්ත්වයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

Exit mobile version