ඊයේ දිනයේ පමණක් මෙරටින් නව ආසාදිතයින් 1,923 ක් අලුතින් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව ගතවු සතිය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 11,000ක් සහ කොවිඩ් ආශ්රිත මරණ 54ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 113,676ක් දක්වා ඉහළගොස් තිබෙනවා. 14,771 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය වැඩි දුරටත් සදහන් කළා.