ගුරු විද්‍යාල අවසන් විභාගය දින නියමයක් නොමැතිව කල් යයි

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය – 2020 (2021) දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා.

අදාල විභාගය 2021.05.10 දින සිට 2021.05.21 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබුණ අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, දිවයිනේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත විභාගය කල් දැමීමට තීරණය කළ බවයි.

Exit mobile version