උතුරු කොරියාව හා දකුණු කොරියාවේ නියෝජිතයන් අතර හමුවක්

උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන්, දකුණු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පිරිසක් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විය.

කිම් ජොන් අන් 2011 දී රටේ නායකත්වයට පත්වීමෙන් අනිතුරුව දකුණු කොරියාවේ නිලධාරීන් පිරිසක් ඔහු මුණගැසෙන පළමු වතාව එය වෙයි.

සෝල් නුවර සිට ඉතා දුර්ලභ සාකච්ඡාවක් සඳහා එම දූත පිරිස ප්යෝන්ග්යැන්ග් නගරයට පැමිණ සිටින්නේ උතුරු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සංවාදය යළිත් ආරම්භ කිරීමේ අරමුණිනි.

පෙර නොවූ විරූ ආකාරයේ පියවරක් තබමින් උතුරු කොරියාව බලා පැමිණ සිටින්නේ අමාත්‍ය මට්ටමේ නියෝජිතයන් දෙදෙනෙකි. රහස් ඔත්තු සේවයේ ප්‍රධානී Suh Hoon සහ ජාතික ආරක්ෂක උපදේශක Chung Eui-yong ඒ දෙදෙනාය.

උතුරු කොරියාවේ න්‍යෂ්ඨික ආයුධ ඉවත්කිරීම සඳහා මෙන්ම එක්සත් ජනපදය සමග සාකච්ඡා සඳහා ද අවශ්‍ය කරන වාතාවරණය සකස්කිරීම පිළිබඳව දකුණු කොරියානු නිලධාරීන් දෙදෙනාගේ අවධානය යොමු කෙරෙනු ඇත.

Exit mobile version