නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 617ක් අත්අඩංගුවට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 617 දෙනෙකු ඊයේ (07) දිනයේදී අත්අඩංගුවට ගත් බවයි. ඒ අනුව නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් එක් දිනකදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය.

පසුගිය ඔක්තෝබර් මස 30වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පිරිස 6,539 කි.

Exit mobile version