නවසීලන්තයේ පිහි ඇනුමක් – තිදෙනෙකුට බරපතළයි

අද (10) දහවල් නවසීලන්තයේ සමුහ පිහි ඇනුමක් වාර්තා වී තිබේ. සුපිරි වෙළෙඳ සංකීර්ණයකදී සිදුකර ඇති එම ප්‍රහාරයෙන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

නවසීලන්තයේ මධ්‍යම ඩනීඩින් නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකදී එම සිදුවීම වාර්තා වී තිබේ. එසේම සිදුවීමට අදාල එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

Exit mobile version