Home දේශීය පුවත් දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 100 ක පමණ තද වැසි

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 100 ක පමණ තද වැසි

0
දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 100 ක පමණ තද වැසි

බස්නාහිර හා සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ නිරිත දිග මෝසම් කාලගුණය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවය.

උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද කාලගුණ අනාවැකියේ දැක්වේ.

මේ අතර නැවත දැනුම් දෙනතුරු ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version