අද රාත්‍රියේත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර , සබරගමුව ,මධ්‍යම යන පළාත් වලට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ කලුතර කෑගල්ල, රත්නපුර , ආදී දිස්ත්‍රික්ක වලට නිකුත් කර ඇති නායයෑම් අවදානම් ප්‍රදේශ ලෙස තවදුරටත් නම් කර තිබෙනවා.