තවත් දිස්ත්‍රික්ක 13ක එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම්

දිවයින පුරා මේ වන විට එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව තවත් දිස්ත්‍රික්ක 13ක එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මාතලේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා එන්නත් මාත්‍රා 25,000ක් ද නුවරඑළිය, හම්බන්තොට, අනුරාධපුර, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා 50,000 බැගින් ලබාදීමට සැලසුම් කර ඇති බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරනවා.

Exit mobile version