මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කෙරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් මහතා සදහන් කරනවා. ඒ පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගෙනයි.

අවශ්‍ය නම් 070 7 677 877 අංකය ඔස්සේ ඇමතීමෙන් වැඩි විස්තර දැනගත හැකි බවයි මෝටර් රථ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ.

Exit mobile version