වසර 53 කට පසු ඉතාලිය යුරෝ කුසලානය දිනා ගනියි

යූරෝ කුසලාන පාපන්දු අවසන් මහා තරගයේදී සත්කාරක එංගලන්තය පරදා ඉතාලිය ජය වාර්තා කිරීමට අද අලුයම සමත් වුණා. මෙලෙස ඉතාලිය තමන් සතුකර ගත්තේ සිය දෙවන යුරෝපා කුසලානයයි.

එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය පැවැත්වුණු අතර ළමු ගෝලය වාර්තා කරමින් ඉතාලි කණ්ඩායමට ආරම්භයේදීම පීඩනයක් එල්ල කළා. ඒ අනුව පළමු අර්ධය නිමාවූයේ එකට බින්දුවක් ලෙස එංගලන්තය පෙරමුණ ගනිමින්. දෙවන අර්ධයේ 67 වන මිනිත්තුවේදී ඉතාලිය ගෝලයක් වාර්තා කරනු ලැබු අතර යූරෝ කුසලානයේ ජයග්‍රාහකයින් තෝරාගන්නට සිදුවුණේ දඬුවම් පහර මඟින්. එහිදී දඬුවම් පහර තුනට දෙකක් ලෙස සාර්ථක කර ගැනීමට ඉතාලිය සමත් වුණා.

Exit mobile version