ඉන්දුනීසියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
එරට දෛනික මරණ දහසේ සීමාව ඉක්මවා ගිය අතර අලුතින් රෝගීන් 51,952 වාර්තා වී තිබේ.
රෝහල්වල ප්රමාණවත් තරම් ඔක්සිජන් තොග නොමැති අතර ඉහළ යන ඉල්ලුම හේතුවෙන් ඔක්සිජන් මිල සියයට 900කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.