උසස් පෙළ, ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනයන් ප්‍රකාශ කරයි

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම නොවැම්බර් මස 15 වන දින සිට දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වන ඉරිදා දින පැවැත්වීමට සැලසුම්කර ඇත.

Exit mobile version