Home දේශීය පුවත් අද රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

අද රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

0
අද රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

අද (9) රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කෙරේ.

ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිරුවෙන් තබා ඇති අතර සෙසු ආරක්ෂක අංශවල ද සහාය ලබා දීමට කටයුතු යොදා ඇත.

මහනුවර ප්‍රදේශයට පමණක් යුද්ධ හමුදාවේ සහ නාවික හමුදාවේ සාමාජිකයන් 3000ක පමණ ද ගුවන් හමුදාවද ආරක්ෂාවට යොදවා ඇත.

පොලිසියේ හයසියයක පමණ පිරිසක් ද බුද්ධි අංශ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ද මේ සඳහා යොදා ඇත. නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් සහ බුද්ධි අංශ කණ්ඩායම් ද යොදවා තිබේ.

මේ වන විට මහනුවර ප්‍රදේශයේ සාමකාමි තත්ත්වයක් පවතින බව වාර්තා වෙයි. පවතින සාමකාමි තත්ත්වය සළකා ඇදිරි නීතිය ඉවත් කිරීම පොලිස්පතිවරය තීරණය කරයි.

අැදිරි නීතිය කඩ කිරීම සහ වෙනත් විවිධ ආකාරයේ සාපරාධි ක්‍රියා කළ 75ක් අත්අඩංගුවට ගෙන අැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version