ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වීමෙන් අනතුරුව ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් රාෂ්ට‍්‍රපතිභවන්හි දි පැවැත්විණි.

සූර්ය බලශක්ති සමුළුව සඳහා ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහභාගීත්වය මහත් ගෞරවයක් බව සඳහන් කළ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා, ජාත්‍යන්තර සූර්ය බල සමුළුවෙහි පණිවුඩය මුළු ලෝකයට රැගෙන යාමට එක්ව කටයුතු කිරීමට සහය දක්වන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ගෙවුණු වසර කිහිපය තුළ ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබඳතා වඩ වඩාත් ශක්තිමත් වූ බව සිහිපත් කළ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා, ඉදිරියේදී මෙම සබඳතා ආර්ථික වශයෙන් ද ශක්තිමත් කිරීම වැදගත් බව පෙන්වා දුන්නේය.

Exit mobile version