මහනුවර දේපළ හානි පිළිබඳව පැමිණිලි කර නොමැති පුද්ගලයින් සිටී නම් නොපමාව පැමිණිලි කරන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි

මහනුවර පොලිස් කොට්ඨාසය තුළ පසුගිය දින කිහිපය තුළදී සිදු වූ සාපරාධී ක්‍රියාවලින් හානියට පත් වූ දේපළ පිළිබඳ ව මෙතෙක් පොලිස් ස්ථානවලට පැමිණිලි කර නොමැති පුද්ගලයින් සිටී නම් නොපමාව හානියට පත් වූ දේපළ පිළිබඳ ව පොලිස් ස්ථානවෙත පැමිණිලි ඉදිරිපත් කරන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඒ අනුව හානියට පත් දේපළ සම්බන්ධයෙන් වන පැමිණිලි හානියට පත් වූ දේපළ පිහිටි ස්ථානයට අයත් පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කළ යුතුව ඇත.
Exit mobile version