රජයේ සංවර්ධන වැඩපිළිවෙල හා ජාතික ප්‍රමුඛතා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක්

රජයේ සංවර්ධන වැඩපිළිවෙල හා ජාතික ප්‍රමුඛතා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ හා ඒ පිළිබඳව පුළුල් සමාජ කථිකාවක් ගොඩනැඟීමේ අරමුණින් දීප ව්‍යාප්තව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කොට ඇත.

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් පුළුල්ව ජනතාගත කිරීම සඳහා වන ඉදිරි වැඩපිළිවෙල ගැන විශේෂ සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව සිදුවිය.

රජයේ සංවර්ධන වැඩසටහන් ජනතා ගත කිරීමේ දී පවතින අභියෝග, ඉදිරි සැලසුම් මෙන් ම නව යෝජනා සහ අඳහස් සාකච්ඡා කිරීම සිදු කෙරුණි.

Exit mobile version