කොළඹ වරායේ බහලුම් මෙහෙයුම් මේ වසරේ මිලියන 07 දක්වා ඉහළ දමනවා – අමාත්‍ය මහින්ද සමරසිංහ

වරාය හ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (14) වරාය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී පැවසුවේ කොළඹ වරායේ සිදු කෙරෙන බහලුම් මෙහෙයුම් සංඛ්‍යාව 2018 වසරේ දී මිලියන 07 දක්වා ඉහළ නැංවීමට හැකිවනු ඇති බවයි.

පසුගිය වසරේ කොළඹ වරාය මඟින් බහලුම් මෙහෙයුම් මිලියන 06ක් සිදු කොට තිබේ. මේ නිසා කොළඹ වරාය ලෝකයේ වරාය අතර 23 වැනි ස්ථානයට පත් වී ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.

කොළඹ වරායේ පර්යන්ත තුන පාලනය කරන එස්.ඒ.ජී.ටී. සහ සී.අයි.සිටී සමාගම් හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

මෙතෙක් කල් ආයතන තුනක් මඟින් සිදු කෙරුණු කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු මින් ඉදිරියට එකම ආයතනයක් යටතට පත්වන බැවින් නැව් ප්‍රමාද වීම් සිදු නොවන අතර අලුතින් නැව් සමාගම් ගෙන්වාගත හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version