දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (15) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවට බස්නාහිර දෙසින් පැවති පීඩන අවපාතය, දැනට කොළඹට කි.මී.950ක් බස්නාහිර දෙසින් අරාබි මුහුදේ ස්ථානගතව පවතින බවත් එය තවදුරටත් දුර්වල වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

ඒ හේතුවෙන් දිවයිනට සහ බස්නාහිර මුහුද ප්‍රදේශවලට වන බලපෑම ඉතා අවම මට්ටමක පවතී.

උතරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

සෙසු ප්‍රදේශවල විශේෂයෙන් වයඹ, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

Exit mobile version